වයඹ පළාතේ පෞද්ගලික ඉඩම් අලෙවි කිරීමේදී පළාත් පාලන ආයතන වලට ලැබිය යුතු මුද්දර ගාස්තු ආදායම වාණිජමය වටිනාකම් මත ලබා ගැනීමේ මූලික අරමුණ පෙරදැරිව පළාතේ ඉඩම් වටිනාකම් තොරතුරු ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් 2008 වර්ෂයේදී පවත්වනු ලැබූ සමීක්ෂණයක් මඟින් ලබාගෙන තිබේ.මෙහිදී රැස්කරන ලද තොරතුරු ඇසුරින් ඉඩම් වටිනාකම් තොරතුරු ඇතුලත් ලේඛනයක් එලි දක්වා ඇත.මෙම සමීක්ෂණය පවත්වා මේ වන විට වසර 10 ක පමණ කාලයක් ගත වී ඇති අතර කාලීනව සිදු වූ භෞතික, සමාජයීය සහ පාරිසරික සාධක වල වෙනස් වීම් මත වර්තමානය වන විට ඉඩම් වටිනාකම් වෙනස් වී ඇති බැවින් ඉඩම් වටිනාකම් ඇතුලත් ලේඛනය යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවයක් විය.එම අවශ්‍යතාවය මත වයඹ පළාතේ පෞද්ගලික ඉඩම් වටිනාකම් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් නිශ්චය කිරීම සඳහා මෙම වැඩසටහන 2018 වර්ෂයේදී ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහනේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30 ද පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ද ආවර්ණය වන පරිදි ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඉඩම් වටිනාකම් තොරතුරු රැස්කිරීම සිදු කරනු ලැබීය.ඉඩම් වටිනාකම් තොරතුරු ලබා දීම ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරනු ලැබූ අතර ඉඩම් වල වටිනාකම් තීරණය වීම කෙරෙහි බලපානු ලබන විදුලිය,මාර්ග,ජලය,පොදු ප්‍රවාහන පහසුකම්,භූගෝලීය පිහිටීම,ආසන්නම නගරයට ඇති දුර,ස්වාභාවික ආපදා සහ සේවා සපයන ආයතන වල පිහිටීම වැනි සාධක මෙන්ම වර්තමානයේ ඒ ඒ ප්‍රදේශ වල ඉඩම් වල පවත්නා වර්තමාන මිල ගණන් ද සැලකිල්ලට ගෙන එක් එක් ප්‍රදේශ සඳහා පවතින අවම මිල ගණන නිශ්චය කිරීම සිදු කරනු ලැබීය. එහිදී ඉඩම් වල පිහිටීම සහ භූමි පරිභෝජන රටාව පදනම් කර ගනිමින් ඉඩම් ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ඉඩම්,පදිංචි ඉඩම්,වගා ඉඩම්, ඛනිජ ද්‍රව්‍ය සහිත ඉඩම් සහ වෙනත් ඉඩම් ලෙස වර්ග කරනු ලැබූ අතර නාගරික,අර්ධ නාගරික සහ ග්‍රාමීය යන වර්ගීකරණය යටතේ ව්‍යාපාරික සහ පදිංචි ඉඩම් වල වටිනාකම් ලබා ගනු ලැබීය.
නාගරික - මහනගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා යටතේ ඇති නාගරීකරණයට ලක් වූ ඉඩම්
අර්ධ නාගරික - නාගරීකරණයට ලක් වෙමින් පවතින ඉඩම්
ග්‍රාමීය - ඉහත කාණ්ඩ දෙකට අයත් නොවන සෙසු ඉඩම්
වගා ඉඩම් වල අක්කරයක වටිනාකම ලබා ගනු ලැබූ අතර ප්‍රධන වශයෙන් කුඹුරු ඉඩම් සහ ප්‍රධාන බෝග වර්ග යටතේ වටිනාකම් ලබා ගනු ලැබීය.කුඹුරු ඉඩම් වාරිමාර්ග ක්‍රමය අනුව විශාල,සුළු සහ වර්ෂා පෝෂිත යන වර්ගීකරණය යටතේ වටිනාකම් ලබා ගනු ලැබීය.
විශාල වාරිමාර්ග - යම් වාරි ක්‍රමයක් යටතේ කුඹුරු ඉඩම් අක්කර 200ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පවතීනම් එම කුඹුරු ඉඩම් විශාල වාරිමාර්ග යටතට අයත් වේ.
සුළු වාරි මාර්ග - යම් වාරි ක්‍රමයක් යටතේ කුඹුරු ඉඩම් අක්කර 200 ට අඩුවෙන් පවතීනම් එම කුඹුරු ඉඩම් සුළු වාරිමාර්ග යටතට අයත් වේ.
වර්ෂා පෝෂිත - ඉහත වාරි ක්‍රම දෙකට අයත් නොවන වර්ෂා ජලයෙන් පෝෂණය වන කුඹුරු ඉඩම් මේ යටතට අයත් වේ.
ප්‍රධාන බෝග වර්ග වගා කර ඇති ඉඩම් වල වටිනාකම් ද රැස්කරනු ලැබීය.එසේම වසමේ වාණිජමය වශයෙන් වැදගත්කමින් යුතු ඛනිජ ද්‍රව්‍ය සහිත ඉඩම් සැලකිය යුතු වපසරියක ව්‍යාප්ත වී පවතීනම් එම ඉඩම් අක්කරයක වටිනාකම ලබා ගැනීම සිදු කරනු ලැබීය.වසම් තුළ ඉහත වර්ගීකරණයට අයත් නොවන මුඩු ඉඩම්,වගුරු ඉඩම්,වැනි ඉඩම් පවතීනම් එම ඉඩම් වල අක්කරයක වටිනාකමද ලබා ගනු ලැබිය.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඉඩම් වටිනාකම් තොරතුරු රැස්කිරීමේදී ග්‍රාම නිලධාරී වසම් තුලද පවත්නා පහසුකම් මත ඉඩම් වටිනාකම් වෙනස්වන බැවින් එලෙස සිදුවන වටිනාකම් වෙනස්වීම් ආවරණය කරගැනීම සඳහා ග්‍රාම නිලධාරී වසමේ සිතියමක අදාල ඉඩම් ප්‍රදේශ වටිනාකම් අනුව දල වශයෙන් සලකුණු කර ලබා ගැනීම සිදු කල අතර වටිනාකම් ලේඛනය සමඟ ගැලපීම සඳහා සිතියම මත A,B,C,D,E.. යන අක්ෂර වලින් අදාල ප්‍රදේශ කේත කර ඇත.
ග්‍රාම නිලධරී වසමක පවත්නා ප්‍රධාන බෝග වර්ග අනුව වගා ඉඩම් අක්කරයක වටිනාකම ලබා ගැනීම සිදු කරනු ලැබූ අතර පවතින බෝග වර්ග වල විවිධත්වය මත වටිනාකම සමඟ දක්වා ඇති පහත සඳහන් කේත මඟින් අදාල බෝග වර්ග වගා කර ඇති ඉඩම් නිරුපණය කරනු ලබයි.
C - පොල් වගා කර ඇති ඉඩම්
T - තේක්ක වගා කර ඇති ඉඩම්
R - රබර් වගා කර ඇති ඉඩම්
P - අන්නාසි වගා කර ඇති ඉඩම්
Cs-කජු වගා කර ඇති ඉඩම්
B - කෙසෙල් වගා නර ඇති ඉඩම්
වාණිජමය වශයෙන් වැදගත්කමක් ඇති ඛනිජ ද්‍රව්‍ය සහිත ඉඩම් වල වටිනාකම සමඟ දක්වා ඇති පහත සඳහන් කේත මඟින් අදාල ඛනිජ ද්‍රව්‍යය සහිත ඉඩම් නිරූපණය කරනු ලබයි.
G - කළුගල් S -වැලි
Gv- බොරළු St -ලුණු
C - මැටි Sc-සිලිකා ලුණු
එසේම වෙනත් ඉඩම් යටතේ වටිනාකම සමඟ දක්වා ඇති පහත සඳහන් කේත මඟින් අදාල ඉඩම් වර්ගය නිරූපණය කරනු ලබයි.
Ch - හේන් වගා කර ඇති ඉඩම්
M -වගුරු බිම්
F -කැලෑ ඉඩම්
L -කලපු තීරයේ ඉඩම්
2018 වර්ෂයේදී වයඹ පළාතේ පෞද්ගලික ඉඩම් වටිනාකම් නිශ්චය කිරීමේදී වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් රැස් කරනු ලැබූ ඉඩම් වටිනාකම් තොරතුරු සහ එක් එක් ග්‍රාම නිලධාරී වසමේ පවතින ඉඩම් වටිනාකම් අනුව භූමි ප්‍රදේශ වෙන්කර දක්වන ලද සිතියම මෙම ප්‍රකාශනයේ අන්තර්ගත වේ. ඉඩම් වටිනාකම් තොරතුරු දැක්වීමේදී ඉඩම් වටිනාකම් වෙනස්වීම කෙරෙහි බලපාන සාධක සහ වර්තමානයේ ඉඩම් හුවමාරු වන වටිනාකම් අනුව එක් එක් ප්‍රදේශ සඳහා වර්ගීකරණයන් අනුව පවතින අවම මිල ගණන් දක්වා තිබේ.මෙම ලේඛනය පෞද්ගලික ඉඩම් හුවමාරු ක්‍රියාවලියේදී වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව සඳහා වටිනාකම් මත මුද්දර ගාස්තු අය කිරීමේ කාර්යය අවශ්‍ය යාවත්කාලීන වූ මූලාශ්‍ර තොරතුරු සපයන ලේඛනයක් පමණක් වන අතර මෙහි ඇතුලත් වටිනාකම් තොරතුරු ඒ ඒ ප්‍රදේශ වල කාලීනව සිදු වන භෞතික ,සාමාජීය සහ පාරිසරික සාධක වල වෙනස් වීම් වලට අනුරූපීව වෙනස් විය යුතු බවද අවධාරණය කරන්නෙමු.
වයඹ පළාතේ 2018 වර්ෂයේ වටිනාකම් තක්සේරුව හුදෙක් මඟ පෙන්වීමක් පමණක් වන බවත්,එය නීතියක් හෝ අවසාන තක්සේරුවක් නොවන බවත්,ඇමුණුම් 1 තොරතුරු කියවා හොඳින් තේරුම් ගත් බවත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වයඹ පළාතේ පළාත් සභාව අනුමත කළ 1990 අංක 08 දරණ වයඹ පළාත් මුදල් ප්‍රඥප්තියේ සියලු වගන්ති වලට එකඟ වෙමින්, මුද්දර ගාස්තුව සඳහා වටිනාකම් තක්සේරු කිරීමේදී, “තෑගි කරනු ලැබූ නිශ්චල දේපළක් නොවන යම් දේපලක් සහ දිනයක් සම්බන්ධයෙන් යෙදී ඇති විට තක්සේරුකරුගේ මතය අනුව එදිනට විවෘත වෙළඳපලේදී එම දේපලට ලැබිය හැකි මිල ගණන් අදහස් වේ.” යන වගන්තියට අනුව මුද්දර ගාස්තු ගෙවීමට එකඟ වෙමින් මෙම ලේඛන පරිහරණය කරමි.
එකඟ වෙමි. එකඟ නොවෙමි.